Saturday, September 21, 2024

ශශීගේ පිහිටට නීතිපතිගේ ලොක්කියක්

ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් ව්‍යාජ ගමන් බලපත‍්‍ර භාවිත කිරීමේ චෝදනාවට ලක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශශී වීරවංශ මහත්මිය සම්බන්ධයෙන් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් විසින් දිගින් දිගටම ප‍්‍රමාද කරමින් සිටින බව දැනගන්නට ඇත.

ව්‍යාජ ගමන් බලපත‍්‍ර ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ ශශී වීරවංශ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2015 වසරේ පෙබරවාරි මස දෙවන දිනය. 2015 ඔක්තෝබර් 22 වන දින අස්ථානගත වී තිබූ ගමන් බලපත‍්‍රයක් යොදාගනිමින් විදේශගත වීමට තැත්කළ විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ උක්ත කී චෝදනා යටතේය.

එසේ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කළ අතර එකී විමර්ශන වාර්තාව ඉදිරි නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. ව්‍යාජ ගමන් බලපත‍්‍ර භාවිත කිරීම පිළිබඳ විමල් හා ශශී යුවළ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශන වාර්තාව නීතිපතිවරයා වෙත යොමු නොකර සිටින්නේ රජයේ ජ්‍යේෂ්ඨ අධිනීතිඥ දිස්නා වර්ණකුල මහත්මිය විසින් බවත් ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීම වෙනුවට වර්ණකුල මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් වරින් වර කැඳවා විමර්ශන වාර්තාවේ කරුණු යළි යළිත් ප‍්‍රශ්න කිරීමට භාජනය කරන බවත් ඔවුහු චෝදනා කරති.

 

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles