Saturday, May 18, 2024

යෝෂිත රාජපක්ෂගේ ගමනක අවසානය?

දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂට ගොඩඑන්නට ඇති සියළුම මාර්ග වැසීයන බවක් පෙනෙන්නට ඇත. මූල්‍ය වංචා සහ රාජ්‍ය දේපල අවභාවිතයට අමතරව නාවික හමුදාව පැත්තෙන්ද ඔහුට චෝදනා එල්ලකරන්නට සූදානම් සිටීම නිසා යෝෂිත රාජපක්ෂගේ ගමනක අවසානය මෙය යැයි යම්කිසි කතාබහක් ගොඩනැගෙමින් ඇත.

නාවික හමුදාවේ බලයලත් නිලධාරියෙකුට කිසිමවිටක පුද්ගලික ආයතනයක තනතුරක් දැරීම හෝ කාර්යාලයක් නිල වශයෙන් පවත්වාගෙන යාමට අවසර නොමැති අතර එම බාල්දියද යෝෂිතගේ හිසට කඩාවැටෙන්නට ඉතා ආසන්නය. පොලිස් මාධ්‍ය ප්‍ර‍ාකාශක රුවන් ගුණසේකරට අනුව පොලීසිය විසින් සියුම්ව කරනලද පරීක්ෂණවලට අනුව යෝෂිත තමන්ගේ ඊ-මේල් ගනුදෙනු හරහා සී.එස්.එන් නාලිකාවේ සභාපතිවරයා ලෙස මෙන්ම තීරණගන්නා පාර්ශවය ලෙසද කටයුතු කර ඇතිබව සොයාගන්නට හැකිවීමම ඔහුට එරෙහිව බරපතල සාක්ෂියක් බවට පත්ව ඇත.

රුපියල් මිලියන 7 ක මූලික ප්‍රාග්ධනයකින් ආරම්භකල කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් ආයතනය රුපියල් මිලියන 234ක වත්කම් ඇති තත්ත්වයකට ගෙන ආවේ කෙසේද යන්න අපැහැදිලිය. එම අරමුදල් විදේශීය නිර්නාමික මාර්ගවලින් ලැබුණු බව සොයාගෙන ඇති අතර මුදල් විශුද්ධිකරණ පනත යටතේ එසේ නම් හෙලිකල නොහැකි මාර්ගවලින් ලැබෙන අරමුදල් වලට එරෙහිව නීතිමය පියවර ගත හැක. යෝෂිත හිරවූයේ අන්න එතැනදීය.

එසේම සී.එස්.එන් නාලිකාව සමාගම් පනත, රේගූ ආඥාපනත වැනි පනත් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන්ද තොරතුරු අනාවරණය වෙමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍ර‍කාශකවරයා සඳහන්කර ඇත. ඒවාද ඔප්පුවීම සිදුවුවහොත් යෝෂිත ඇතුළු පිරිසට ගැලවීම ලෙහෙසි පහසු නොවනු ඇත.

(ජනරඟ දේවසුරෙන්ද්‍ර‍)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles