අයහපත් කාලගුණයෙන් අනතුරු රැසක්….

0
1244

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 41,717කට අයත් පුද්ගලයින් එක් ලක්ෂ 70,022 නෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ වන විට වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 04ක් වන අතර අතුරුදන් වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 07ක් වනවා.

මාවනැල්ල, දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් අතුරුදන් වූ එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනාගේ සිරුරු හමු වී තිබෙනවා.

අද සහ හෙට (6) දින දෙක තුළ දවස පුරා ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩකඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here