Sunday, September 22, 2024

ජනපතිගේ කතාව….

ලබන සැප්තැම්බර් මස අගවන විට මෙරට ජනගහනයෙන් මිලියන 13කට කොරෝනා එන්නත ලබා දීමට රජයට හැකි වනු ඇතැයි, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ජනාධිපතිවරයා පැවසුවේ, ඒ අනුව වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාම පාහේ එන්නත්කරණය කළ හැකි බවයි.

ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ප්‍රගතියක් අත්කර ගෙන ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා සිහිපත් කර සිටියේ, වගකිව යුතු තනතුරුවලට සුදුසුම නිලධාරීන් පත් කළ බවයි.

තව ද දුර්වලව තිබූ බුද්ධි අංශ තමාගේ නායකත්වයෙන් යළි ප්‍රතිසංවිධානය කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේ ය.

ජනාධිපතිවරයා පැවසුවේ, මේ වනවිට රට තුළ පාතාලය සාර්ථකව පාලනය කර ඇති බවයි.

මේ අතර  බොහෝ දුරට මත්ද්‍රව්‍ය පාලනය කරමින් ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේ, මත්ද්‍රව්‍ය සම්පූර්ණයෙන් ඉවත් කිරිමේ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

රටේ අභ්‍යන්තර කටයුතුවලට අඟිලි ගැසීමට කිිසිවෙකුට රජය ඉඩ නොදෙන බව අවධාරණය කළ ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට කැප වූ බව ද සඳහන් කළේ ය.

ඉදිරි මහ කන්නයට ගොවි ජනතාවට අවශ්‍ය කාබනික පොහොර සියල්ල ලබා දෙන බවට ද ජනාධිපතිවරයා  ජාතිය අමතා කළ ප්‍රකාශයේදී සහතික විය.

රසායනික පොහොර ආනයනය නැවැත්වීම තිරසර සංවර්ධන ප්‍රතිපත්තියක එක් පියවරක් බවත් රටට හිතකර සාධනීය හේතු මත නිවැරදි තීරණයක් ගෙන ඉදිරියට තැබූ පය ආපසු නොගත යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේ ය.

තවද කිහිපදෙනෙකු සතුටු කිරීම සඳහා තම ප්‍රතිපත්ති වෙනස් නොකරන බවත්, පොරොන්දු වූ පරිදි සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කරන බව ත්  ජනපති අවධාරණය කර සිටියේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles