“අතපය වලංගු නැති ළදරු ටීම් එක කවදාවත් ක්‍රිකට් එපා නොවන අපටත් ක්‍රිකට් එපා කෙරෙව්වා අද” යනුවෙන් හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබුණි. ඊට හේතු වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන දුර්වල තරග විලාසයයි. ඉතිහාසය තුළ දරුණුම පසුබෑම වාර්තා වි ඇති මේ දෙවසර තුළ ක්‍රිකට් ගැන ප්‍රේක්ෂකයන් තුළ තිබූ උනන්දුවද පහව ගොස් තිබේ..
මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑම සම්බන්ධයෙන් හිටපු විශිෂ්ටතම පන්දු රකින්නෙක් සහ පිතිකරුවෙක් වූ සහ ජාත්‍යන්තර තරග තීරක වරයෙකු වන රොෂාන් මහනාමද ට්විටර් සටහනක් තබා තිබෙනවා. ඔහු පෙන්වා දෙන්නේ රට වෙනුවෙන් ක්‍රිඩා කළ ජයග්‍රහණය ලැබීමේ ආකල්පය වත්මන් ක්‍රීඩකයින්ගෙන් ප්‍රද්ර්ශණය නොවිම කණගාටුවට කරුණක් බවයි.