Saturday, November 16, 2024

පොහොර තීරණය නම් රිවර්ස් නොකරන බව ජනපති කියයි…

නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අස්ගිරි පාර්ශවයේ මහ නායක හිමියන් ඇතුලු මහා සංඝරත්නය බැහැ දුටු අවස්ථාවේදීයි.

කාබනික පොහොර වැඩපිළිවෙල ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවයට පත් විමට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා. රසායනික පොහොර භාවිතය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුලු බෝ නොවන රෝග රැසකින් පීඩා විදින අතර ඉන් පරිසරයට සිදුවන හානියද අති විශාලයි.

රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරනවා. විදේශීය ආයතන වෙත ඇදී යන එම මුදල් රටේ ගොවිජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වනු ඇති බවයි ජනාධිපතිවරයා මහා සංඝරත්නය හමුවේ වැඩිදුරටත් අවධාරණය කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles