Monday, November 18, 2024

පළමු ජනපතිනියගේ සමාජ මාධ්‍ය සටහන…

“මට දැන් අවුරුදු හැත්තෑ  හයක්. මීට අවුරුදු හැත්තෑ  හයකට කලින් මම මේ ලෝකයට ආවේ තනියම. හිස් අතින්. මම විතරක් නෙවෙයි අපි කවුරුත් එහෙමයි. කවදාහරි යන්නෙත් තනියම. හිස් අතින්. එහෙත් අපි ආපහු මේ ලෝකෙන් යන දවසට තව එක දෙයක් අරගෙන යනවා. ඒ තමයි අපේ ජීවිත කාලය පුරා අපි කල කී දෑ අනුව ඉතිරි වූ හොඳ නම හෝ නරක නම. 

මේ යතාර්ථය මම කුඩා කාලේ ඉදන්ම තේරුම් ගත්තා. මේ ජීවිත කාලයේදී අපේ ජීවිත ආලෝකමත් කරගැනීමට මෙන්ම මේ ලෝකය වඩා හොඳ තත්ත්වයට පත්කිරීමටත් අපි බැඳී සිටිනවා. මම මගේ ජීවිත කාලය පුරා උත්සාහ කළේ ඒ යුතුකම හැකි උපරිමයෙන් ඉටු කරන්න. මගේ ජීවිත කාලයේදී මම මේ රට වෙනුවෙන්, මේ රටේ ජනතාව වෙනුවෙන්, වගේ ම ලෝකය වෙනුවෙන් යමක් කලා නම් ඒ සියල්ලක්ම කළේ මේ ලෝකය වඩා හොඳ තැනක් කරන්න. කවදා හරි මා මිය ගිය දවසක මා කළ කී දෑ අනාගත පරපුරට ආදර්ශයක් කරගත හැකිනම් මගේ සතුට එපමණයි. 

සිය 76වන ජන්ම දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ සියලුදෙනාට ස්තූතිය පිරිනමන බව ෆේස්බුක් සටහනක් තබමින් හිටපු ජනාධිපතිනි චන්‍ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles