අද(01) පෙරවරු 8.30 සිට රාත්‍රි 8.00 දක්වා මතුගමට මිලිමීටර 156ක වර්ෂාපතනයක් ලැබී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වැසි තත්ත්වය තවදුරටත් පැවතිය හැකි බවය
එමෙන්ම දිවයින පුරා වැඩි වර්ෂාපතනයක් වාර්තා විය. ඒ අතර,
ඉන්දියන් සාගරයේ දකුණුදිග ප්‍රදේශය ආශ්‍රිතව මැග්නිටියුඩ් 5.2 ක භූ චලනයක් සිදුව තිබේ.
අමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව භූචලනය සිදුව ඇත්තේ, දකුණු දිග ඉන්දීය සාගරයේ කිලෝමීටර් 10ක් පමණ ගැඹුරිනි.
භූචලනයෙන් මෙරටට කිසිදු බලපෑමක් නැතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති අනුර වල්පොල මහතා ප්‍රකාශ කළේය.