Monday, September 23, 2024

ආණ්ඩුව යුරෝපා සංගමයට හිස නවයි…

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනයට සහ ජාතීන් අතර ඒකාග්‍රතාව ඇති  කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති  පියවර සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැනුවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත්කිරීමට කිරීමට ජුනි 21 වනදා යෝජනාවක් සම්මත වී තිබුණි.

එසේම ඒ සඳහා නිලධාරින්ගෙන් සමන්විත කමිටුවක්ද ජුනි 24 වනදා පත්කරන ලදි.

ජුනි 24 වනදා බන්ධනාගාර ගත කර සිටි එල්.ටී.ටී.ඊ රැඳවියන් පිරිසක්ද නිදහස් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් යුරෝපා සංගමයට දැනුම් දී තිබේ.

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ GSP සහනය සම්බන්ධයෙන් වන එකඟතා සම්බන්ධයෙන්ද රජය නිරන්තරයෙන් යුරෝපා සංගමය සමඟ අදහස් හුවමාරු කර ගන්නා බවය.

මේ අතර GSP සහනය දීර්ඝ කරන්නේද යන්න සොයා බැලීම සඳහා යුරෝපා සංගමයේ පිරිසක් මේ වසරේ සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දී මෙරටට පැමිණීමට නියමිතය.
(adaderana)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles