යෝෂිත වෙනුවෙන් පටි රෝල්කරගැනීම

0
811

නාවික හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව් දෙනෙක් තරඟයක් අතරතුර යෝෂිත රාජපක්ෂට සහය දක්වමින් අත් පළඳනාවක් පැලඳසිටීම හේතුවෙන් ඔවුන් තාවකාලිකව කණ්ඩායමෙන් ඉවත්කර ඇති බව වාර්තාවේ.

YOO7 යනුවෙන් නම්කර ඇති මෙම පළඳනාව යෝෂිත නාවික හමුදා කණ්ඩායමේ ක්‍රීඩාකරන සමයේ ඔහු දැරූ අංකයද සමග සඳහන්වීම නිසා අදාල ක්‍රීඩකයන්ට එරෙහිව විනය පියවරක් ගෙන ඇත.

බන්ධනාගාර ගතකර ඇති යෝෂිත රාජපක්ෂට හිතවාදිත්වය දරමින් මෙවැනි පියවරක් ගන්නට මෙම ක්‍රීඩකයන්ට කිසියම් පාර්ශවයක බලපෑම් එල්ලවී ඇතිද යන්න සොයාබලමින් පසුවන අතර මෙවැනි තහනම් කිරීම් හේතුවෙන් මහජනතාව අතර රජයට එරෙහි විවිධ විරෝධතා මතුවෙන බවට පුවත් ප්‍ර‍චලිතවීම වලකාලිය නොහැකිව ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here