Wednesday, May 15, 2024

අභයාරාමයේ දේශපාලන කටයුතු තහනම – මුරුත්තෙට්ටුවේ හිමිට කල්දෙයි

නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තිය සමිති කටයුතුවලට භාවිත කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩුවට අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කොළඹ දිසා අධිකරණය කල් ලබාදී තිබේ.

ඒ අනුව ලබන 29 වන දිනට පෙර විරෝධතා ගොනු     කරන ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු පාර්ශවකරුවන්ට අධිකරණය නියෝග කර ඇත.

කිරුලපන පූර්වාරාම විහාරාධිපති පත්බේරිය විමලඥාන හිමියන් විසින් පෙත්සම ගොනු කර තිබේ.උන්වහන්සේ පෙත්සමින් දක්වා ඇත්තේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය දේශපාලන හා වෘත්තිය  සමිති කටයුතුවලට භාවිත කිරීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාවට  දැඩි හිරිහැරයක් සිදු වන බවයි.

එසේම විහාරස්ථානයට හිමිවූ විශාල වන්දි මුදලක් කූට ලේඛන සකසා ව්‍යාජ ලෙස අත්පත් කරගැනීම සම්බන්ධයෙන්ද පත්බේරියේ හිමියන් විසින් මුරුත්තෙට්ටුවේ හිමියන්ට චෝදනා කර ඇත. විහාරස්ථානයේ ඉදිකිරීම මුවාවෙන් මහා පරිමාණ මුදල් ලබාගැනීම් පිළිබඳව තොරතුරු ඉදිරිපත්වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles