Saturday, September 21, 2024

ආණ්ඩුව ඇතුළේ යූ.එන්.පී – නිදහස් පක්ෂ ගැටුම් උත්සන්නවේ..!

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සහ වර්තමාන දේශපාලන තුළ සිදුවන කාරණා පදනම් කරගෙන යහපාලන ආණ්ඩුව තුළ සිටින එක්සත් ජාතික පක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් අතර දරුණු ගැටුම් ඇතිවෙමින් පවතින බව ආණ්ඩුව තුළින් ලැබෙන වාර්තා සඳහන් කරයි.

එම ගැටළුව බරපතලම තැනට වැටෙන්නේ පසුගියදා ඛනිජ තෙල් අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ආණඩුව තුළ සිටින එක්සත් ජාතික පක්ෂ සාමාජිකයින්ට බරපතල චෝදනාවක් එල්ල කිරීම නිසාය.

“විපක්ෂය වෙනම පක්ෂයක් හදනවා කියලා බිල්ලෙක් පෙන්නන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩිලා යනවා කියලා බිල්ලෙක් පෙන්වන්නේ වෙන කවුරුවත් නෙවෙයි ආණඩුව ඇතුලේ ඉන්න යූ.එන්.පී සාමාජිකයෝ තමයි..ඒත් ඒ අයට බෑ ශ්‍රී ලංකා එක නැතිකරන්න“

චන්දිමගේ මේ ප්‍ර‍කාශයත් එක්ක බරපතල විදිහට ආණ්ඩුව ඇතුලේ පාර්ශව දෙකේ හිත හොඳකම බිඳෙන තැනට පත්වෙලා ඉවරයි. ඒ අතරම ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් එ.ජා.ප ය බලමුළු තරකරද්දි ශ්‍රී.ල.නි.ප යට ඇතුලේ ආරවුල් බෙරගන්න වෙලා තියන එක ගැනත් ආණ්ඩුව ඇතුලේ ඉන්න ශ්‍රී ලංකා කාරයෝ ඉන්නේ බරපතල ගැටළුවක කියලත් සඳහන් වෙනවා.

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ එක්සත් ජාතික පක්ෂය තිබුණු තැනටම අන්තිමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පත්වෙලා ඉවරයි කියන එකනම් හොඳටම පැහැදිලියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles