Saturday, May 18, 2024

CSN ලොක්කන් එක්ක ඩීල් දාන යහපාලන ලොක්කා කව්ද?

 

මුදල් විශුද්ධිකරණ චෝදනා මත සී.එස්.එන්. නාලිකාවේ ප‍්‍රධානීන් අත්අඩංගුවට ගැනීමේ දී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විෂම ආකාරයෙන් කටයුතු කර ඇතැයි නීතිවේදීහු පෙන්වා දෙති. ඊට හේතු වී ඇත්තේ සී.එස්.එන්. නාලිකාවේ ආරම්භක අධ්‍යක්ෂක මණ්ඩලයේ කටයුතු කළ පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට නොගැනීමය.

ඉකුත් ජනවාරි 30 වන දින සී.එස්.එන්. ප‍්‍රධානීන් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර එදින අත්අඩංගුවට ගනු ලැබුවේ යෝෂිත රාජපක්ෂ, නිශාන්ත රණතුංග, රොහාන් වැලිවිට, රබිනාත් ප‍්‍රනාන්දු, කවිශාන් දිසානායක යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ය. මේනක ලියනගේ, දිනේෂ් ජයවර්ධන, සාධ්‍යා කරුණාජීව යන සාමාජිකයන් ද සී.එස්.එන්. අධ්‍යක්ෂක මණ්ඩලය නියෝජනය කර තිබුණත් ඔවුන් කිසිවකුත් අත්අඩංගුවට ගෙන නැත.

මෙම පුද්ගලයන් තිදෙනාට පමණක් විශේෂ රැුකවරණ ලැබුණේ කෙසේද යන්න ගැටලූසහගතය. ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම් මත අත්අඩංගුවට නොගත් පුද්ගලයන් අතරින් දෙදෙනකු දැනට සිටින්නේ විදේශගතවයි. ඔවුන්ට රටින් පැන යාම සඳහා ආණ්ඩුවේ ප‍්‍රබලයන්ගේ සහාය ලැබී ඇතැයි ද දැනගන්නට ඇත.

 (දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles