Saturday, September 21, 2024

මාතර Freelan අතුරුගිරියට සහ ගොතටුවට රස රහස් ගෙනඑයි..

දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශයන්හි පවා ආහාරවල රස ගැන්වුමකට රස ගුණපිරි කුළුබඩු නිෂ්පාදන බිහිකරන මාතර Freelan ආයතනය තමන්ගේ නවතම නිෂ්පාදන අලෙවි සැල් කොළඹ අතුරුගිරියේ සහ ගොතටුව නව නගරයේ එළඹෙන 24 වැනිදා සිට සුබ මොහොතින් පිහිටුවීමට කටයුතු සංවිධානය කර ඇත.

ලංකාව පුරා විශාල අලෙවි සැල් ජාලයකින් සවිමත් Freelan ආයතනය මේ වනවිටත් ගොතටුව සහ අතුරුගිරිය ප්‍රදේශවල තමන්ගේ නිෂ්පාදන වැඩිම අලෙවියක් සිදුකරමින් ඉතා සාර්ථකව ව්‍යාපාර කටයුතු සිදුකරගෙන යන අතර ලංකාවේ කුළුබු නිෂ්පාදන වෙළඳපොල ප්‍ර‍මුඛයා ලෙස ගොතටුව සහ අතුරුගිරිය ප්‍රදේශවල කටට රසට කන්නට කැමති පාරිභෝගිකයන්ට තවත් පහසුවෙන් මාතර Freelan නිෂ්පාදන මිලදීගත හැකි අයුරින් මෙම අලෙවි සැල් පිහිටුවීමට බලාපොරොත්තුවේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ මාතර Freelan ආයතනයේ නිර්මාතෘ ලැනී.බී.ගමගේ මහතා කියා සිටියේ තම ආයතනයේ අපේක්ෂාව ඉතාමත් පහසුවෙන් පාරිභෝගිකයන්ට ලඟාවිය හැකි මට්ටමට සිය නිෂ්පාදන ගෙනයාම බවයි. ශ්‍රී ලංකාවේ සෑම කොණකම ඉතා ඉහල අලෙවියක් වාර්තා කරන Freelan නිෂ්පාදන අතර සෝයා මීට්,මිරිස්කුඩු,කහකුඩු,උම්බලකඩ සම්බෝල, තුන පහ, මස් කරි වැනි නිෂ්පාදන මෙන්ම මෑතකදී හඳුන්වාදෙනු ලැබූ මාළු කරි, පොලොස් කරි වැනි නව නිෂ්පාදනයන්ද වේගයෙන් මාතර රස පදම හඳුනන පාරිභෝගික ජනතාව වෙත ලඟාවෙමින් ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles