කෝට්ටේ නගරාධිපතිට මහමග දී පහරදීලා

0
371

ඊයේ සවස පිටකෝට්ටේ මංසන්ධියේ දී සිදු වූ බහින්බස් වීමක් හේතුවෙන් කෝට්ටේ නගරාධිපති අයි.වී ප්‍රේමලාල් ට පහරදීමක් සිදුවී තිබෙනවා.

පුද්ගලයින් දෙදෙනෙකු විසින් සිදු කළ මෙම පහරදීම හේතුවෙන් කෝට්ටේ නගරාධිපති වරයාගේ හිසට බරපතළ තුවාල සිදු වී ඇති බවටයි වාර්තාවන්නේ.

පහර කෑ නගරාධිපතිවරයා මේ වන විට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඔහුගේ හිසට මැහුම් දහතුනක් ගසා ඇති බවටයි  වාර්තා වන්නේ

පහරදීම සිදු කළ බවට සැක කෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු මිරිහාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මිරිහාන පොලිසිය විසින් සිදුකරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here