Monday, May 6, 2024

සමාජ මාධ්‍ය තහනම් හෝ නියාමනය කරන්න ඕන – චිනෙත් සමාජ මාධ්‍ය නෑ – අමාත්‍ය නිමල් සිරිපාල

ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට පියවර ගත යුතු බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.

පාර්ලිමේන්තුවේ අද පැවති විවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ චීනයේ සමාජ මාධ්‍ය තහනම් කර ඇති බවයි.

” මේ සිදුවන දේවල් වලට සමාජ මාධ්‍යයත් වගකියන්න ඕන. හොඳට උලුප්ප උලුප්ප පෙන්නනවා. මම කියන්නේ මේ තත්ත්වය උඩ අපි මේවා හරි විදිහට නියාමනය කරන්න නීති ගෙන්න ඕන. මේ ගැන මම හැමදාම කැබිනට් මණ්ඩලයේදී කතා කරනවා.

අපි ඉස්තාලේ ඇරලා දාලා වගේ තියලා තියනවා. මොකක් හරි උනාම බලනවා මොකක්ද කරන්න පුලුවන් කියලා.

එක්කෝ මේ සමාජ මාධ්‍ය රටේ තහනම් කරන්න ඕන. නැත්නම් ඒවා නිසි නියාමනයක් කරන්න නීති ගෙන්න අවශ්‍යයි. බලන්න චීනයේ සමාජ මාධ්‍ය නෑ. එහෙ තහනම්” අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles