Saturday, September 28, 2024

ඔක්සිජන් ආනයනය අරඹයි – ගම්පහ ආසාදිතයින්ගේ දත්ත ගැන සැකයක්

කොවිඩ් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සදහා අවශ්‍ය සායනික ඔක්සිජන් මෙරටට ආනයනය කිරීම ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

මෙරටතුල නිපදවන ඔක්සිජන් ධාරිතාව මේවනවිට රෝහල් ඇතුලු ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ උපරිමයෙන් භාවිතයට ගනිමින් සිටින බැවින් ඊට විකල්පයක් ලෙස ඔක්සිජන් ආනයනය සිදුකරන බවයි මාධ්‍යයට අදහස් දක්වමින් හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින්ගේ දත්ත පිළිබද ගැටලුකාරී තත්වයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මෙහිදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතාගෙන් විමසා සිටියා.

ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් 35 දෙනෙකු පමණයි. එම දත්ත සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකය යළි සොයාබැලීමක් කරන බවයි හේමන්ත හේරත් මහතා කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles