Saturday, September 28, 2024

ICTA නව සභාපති ඕෂද සේනානායක

මහාචාර්ය ලලිත් ගමගේ මහතාගෙන්  පසු ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  (ICTA) නව සභාපතිවරයා ලෙස පත්වූ ඕෂද  සේනානායක මහතා එම කාර්යාලයේදී  පසුගියදා වැඩ බාරගන්නාලදී.

ඩිජිටල් පරිවර්‍තනයක්  කරා යන ගමනේ ප්‍රධානතම රාජ්‍ය ආයතනය    ලෙස කටයුතු කරන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින්  සැලසුම් කර ආරම්බ ඇති ඩිජිටල් පරිවතන ක්‍රියාවලිය වේගවත්ව ඉදිරියට ගෙනයාම සදහා මෙම පත්වීම සිදුකර ඇත.

ඕෂද සේනානායක මහතා , ආයතනික කළමනාකරණය, උපාය මාර්ග සැලසුම් ක්‍රියාත්මක කිරීම, ව්‍යාපාර විශ්ලේෂණය, ක්‍රියාවලි ඇගයීම , මෘදුකාංග සංවර්ධනය සහ බෙදා හැරීම් කළමනාකරණය ඇතුළු බහුවිධ ව්‍යාපාරික කටයුතු වල  වසර 15 කටත් වැඩි පළපුරුද්දක් ඇති තොරතුරු තාක්‍ෂණ වෘත්තිකයෙකි. තාක්‍ෂණය පිළිබඳ පර්යේෂණ මෙන්ම තාක්‍ෂණය, පහසුකම් කළමනාකරණයට අදාළ ව්‍යාපාරික ආයතන වලටමෙන්ම විවිධ ආරම්බක තාක්ෂණ  (startup)   ව්‍යාපාරයන්ටද නායකත්වය සපයා ඇත

Ada Derana .Biz

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles