Saturday, September 28, 2024

සිනොවැක් තුන ගැහුවොත් සිරුරේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා – හදපු චීනයම කියයි

කොරෝනා මර්දනය කිරිමට චීනය නිෂ්පාදනය කළ සිනොවැක් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබා ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තිකරණය ශීඝ්‍ර ලෙස ඉහළ යන බව එරට ජාතික සෞඛ්‍ය කොමිසම  පවසනවා.

තුන්වන මාත්‍රාව ලබාගත් රෝගීන්ගේ ප්‍රතිදේහ මට්ටම් හත් ගුණයකින් ඉහළ යන බවයි පරීක්ෂණ වාර්තාවලින් හෙළිවී තිබෙන්නේ.

චීනය මේ වන විටත් සිනෝවැක් එන්නතේ මාත්‍රා බිලියන 1.808 ක් නිෂ්පාදනය කර තිබෙනවා. සිනොවැක් පළමු සහ දෙවන මාත්‍රාව චීන ජාතිකයන් මිලියන 13 කට ලබාදී ඇති බවයි චීන ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කරන්නේ. දැනට ඇති සිනොවැක්  එන්නත් තොගයෙන් එරට ජනතාවගෙන් සියයට 65ක් එනම් බිලියන 1.4ක් පමණ ආවරණය කිරීමට හැකි බව නිෂ්පාදන සමාගම සඳහන් කරනවා. තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීම පිළිබඳ සිදු කළ අත්හදාබැලීමේදී හෙළිවී තිබෙන්නේ ඒ තුළින් ජනතාවගේ ප්‍රතිදේහ මට්ටම ඉතා ඉහළ ගොස් ඇති බවයි. දෙවන මාත්‍රාව ලබාගැනීමෙන් පසු වාර්තා වු මට්ටම් සහ තුන්වන මාත්‍රාව ලබාගත් රෝගීන්ගේ ප්‍රතිදේහ මට්ටම් සසදන විට හත් ගුණයකින් එය වැඩි වී ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles