Saturday, September 28, 2024

කොවිඩ් මාර්ගෝපදේශ තවත් දැඩි කිරීමේ සූදානමක්


පවතින කොවිඩ් වෛරස ව්‍යාප්තියේ අවදානම සැලකිල්ලට ගනිමින් ඉදිරි දිනවලදී සෞඛ්‍ය මාර්ගෝපදේශ තවදුරටත් දැඩි කිරීමට සෞඛ්‍ය අංශ සූදානම් වන බව වාර්තා වනවා. දැනටමත් පළාත් සංචරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීමට සහ මංගල උත්සවවලට සහභාගි වියහැකි උපරිම පුද්ගලයින් ගණන 50 ක් දක්වා අඩු කිරීමටයි බලධාරීන් පියවර ගෙන ඇත්තේ. 

ඉකුත් කාල සීමාවේදී සම්භාහන මධ්‍යස්ථන විවෘත කිරීමට ලබාදී තිබූ අවසරය ද අවලංගු කිරීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

පොදු ප්‍රවාහන සේවාවල ගමන් ගන්නා මගීන්ගේ අවදානම අවම කිරීම සඳහා බස් රථවල සහ දුම්රියවල මගීන් ගෙනයාම සියයට 50 ක් දක්වා අඩු කිරීමටද නියමිත බව වාර්තා වනවා. මෙම නිර්දේශ අගෝස්තු 31 වන දින දක්වා බලපැවැත්වෙන් පරිදි ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

Neth News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles