Friday, September 27, 2024

දඩ මුදල් සංශෝධනයට අදාළ යෝජනාව නීති කෙටුම්පත් කර නීතිපතිවරයාගේ නිරීක්ෂණයට


පාරිභෝගික අධිකාරිය විසින් වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන්නන්ට එරෙහි ව පනවා ඇති දඩ මුදල සංශෝධනයට අදාළ යෝජනාව සැප්තැම්බර් මස අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පවසනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සඳහන් කළේ ඊට පෙර දඩ මුදල් සංශෝධනයට අදාළ යෝජනාව නීති කෙටුම්පත් කර නීතිපතිවරයාගේ නිරීක්ෂණ ද සහිත ව ගැසට් පත්‍රයේ පල කරන බවයි.

අදාළ යෝජනාවට මේ වනවිට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමි ව තිබේ.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, උපරිම සිල්ලර මිලක් නියම කර ඇති අත්‍යාවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන වෙළඳුන්ගෙන් අය කරන දඩය රුපියල් 1000ක් වැනි අඩු මුදලක් වීම හේතුවෙන් ඔවුන් දිගින් දිගට ම වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන බවට නිරීක්ෂණ වී ඇති බවයි.

ඒ හේතුවෙන් රුපියල් දහසේ දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කිරීමටත් ඊට ගැලපෙන පරිදි සෙසු දඩ මුදල් ඉහළ නැංවීමටත් තීරණය කළ බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles