Friday, September 27, 2024

මෙරට සංචාරක කර්මාන්තයට බලාපොරොත්තුවක්

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේගවත් සහ සාර්ථක කොරෝනා එන්නත්කරණ ක්‍රියාවලිය හේතුවෙන් යුරෝපයේ ඇතැම් රටවල් ශ්‍රී ලංකාව ඔවුන් සංචාරය කරන රටවල, රතු ලැයිස්තුවේ සිට ඇම්බර් ලැයිස්තුවට මාරු කර තිබේ.

මෙරටට සංචාරකයින් ප්‍රධාන වශයෙන් පැමිණෙන රටවල් 03 ක් වන ජර්මනිය, ප්‍රංශය සහ නෙදර්ලන්තය එලෙස ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ධනාත්මක ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව සඳහන්ය.

එය මෙරට සංචාරක කර්මාන්තයට නව බලාපොරොත්තුවක් ගෙනෙන බව ශ්‍රී ලංකා සංචාරක හෝටල් සම්මේලනයේ සභාපති සනත් උක්වත්ත සඳහන් කළාය.

ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාව සංචාරක රතු ලැයිස්තුවට ඇතුළත් කර තිබූ අවස්ථාවේ මෙරට සංචාරය කිරීමට එම රටවල සංචාරකයින් මැලිකමක් දැක්වූ බවයි.

ශ්‍රී ලංකාව ඇම්බර් ලැයිස්තුවට ඇතුළත් කිරීම ඔවුන් මෙරට සංචාරය කිරීම සඳහා දිරිගන්වන්නකි.පූර්ණ කොරෝනා එන්නත්කරණය ලැබූ ඉන්දියානු සංචාරකයින් ඉදිරියේදී මෙරටට ගෙන්වීමට හැකිවනු ඇතැයිද ඔහු බලාපොරොත්තු පළ කළාය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles