Wednesday, September 25, 2024

ලාෆ් ගෑස් මිල වැඩි කළත්, වෙළඳපොළට නිකුත් කිරීමේ ප්‍රමාදයක්

පවතින ගෑස් අර්බුදය විසඳීම සඳහා ලාෆ් ගෑස් මිල වැඩිකිරිමට රජය ඊයේ අවසර ලබා දුන්නා.

නමුත් වෙළඳපොලට ලාෆ් ගෑස් පැමිණීම තවත් ප්‍රමාද වන තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ, ලාෆ් සමාගමට ගෑස් ආනයනයට සැලකිය යුතු කාලයක් ගතවීම හේතුවෙන්.

ලාෆ් ගෑස් සැපයුම සතියක් තුළ යථා තත්වයට පත්කිරීමට බලාපොරොත්තු වන බවයි ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච්. වෑගපිටිය මහතා පැවසුවේ.

දින හතරක් හෝ පහක් තුළ ගෑස් සැපයුම යථා තත්වයට පත්කිරීමට උත්සහ කරන බවත්, උපරිම සතියක පමණ කාලයක් ගතවිය හැකි බවත්, ඔහු පැවසුවා.

ඒ අනුව ලාෆ් සමාගමට බැංකුවලින් ණයකර නිකුත් කිරීම අත්හිටවූ ප්‍රශ්නය විසඳාගත හැකි වනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කළේ.

කෙසේවෙතත්, ඉල්ලීම් කළ පරිදි රුපියල් 500 කින් පමණ ගෑස් මිල වැඩි කළානම් වෙළඳපලේ ගෑස් අර්බුදයක් ඇති නොවන බවයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසුවේ.

මේ අතර රජයට වුවද දිගින් දිගටම සහනාධාර ලබාදීමට නොහැකි වීමේ තත්ත්වයක් ඉදිරියේදී මතුවිය හැකි බවයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ. (colombotimes.lk)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles