Wednesday, September 25, 2024

ජාතික රූපවාහිනියත් හොඳටම කරයි. වයස 30ට වැඩි එන්නත්කරණය සියයට 100.33ක් ලු !

මෙරට වයස අවුරුදු 30ට වැඩි ජනගහණයෙන් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පිරිස 100.33%ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයට ජාතික රූපවාහිනී නාලිකාව පවසයි. 

ඔවුන් මෙය පැවසුවේ ඊයේ (12) රාත්‍රියේ සිය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අතරතුරදීය.

කොවිඩ් දත්ත සඟවන බවට සහ විකෘති කරන බවට රජයට චෝදනා ගණනාවක් එල්ල වෙමින් පවතින මොහොතකම රජයේ ප්‍රධාන රූපවාහිනී නාලිකාව මෙවැනි අමුතුම සංඛ්‍යා දත්ත ඉදිරිපත් කිරීම අපූරු සිදුවීමකි

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles