75ක් සපිරෙද්දී එජාප නායකයාගෙන් අලුත් වැඩක්

0
253

එක්සත් ජාතික පක්ෂයේ 75 සංවත්සරයට සමගාමීව ආරම්භ කරනු ලබන පක්ෂ ප්‍රතිසංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා විශේෂ වගකීම් විමධ්‍යගත කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

පක්ෂ නායකයා යටතේ පැවති බලතල බොහොමයක් ඒ අනුව ඍජුවම පක්ෂ මධ්‍යම කාර්යාංශය වෙත පවරනු ලැබීය.

එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන යටතේ පක්ෂ සංවිධාන ජාලය ශක්තිමත් කිරීම සඳහා කමිටු ගණනාවක් පිහිටුවා ඇති අතර නීති කමිටුව ජනාධිපති නීතිඥ රෝලන්ඩ් පෙරේරා සහ නීතිඥ නිශ්ශංක නානායක්කාර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද පරිසර කමිටුව පරිසරවේදිනී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ද සන්නිවේදන කමිටුව සුදත් චන්ද්‍රසේකර සහ දිනුක් කොළඹගේ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ද ක්‍රියාත්මක කෙරෙයි .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here