Friday, September 20, 2024

තලෙයිබාන් සටන්කාමින් කාබුල් නුවරට ඇතුළු වෙයි – ශ්‍රී ලාංකිකයින් 50ක් අවධානමේ

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර වට කරමින් නගරයට ඇතුළු වු බව තලේබාන් සංවිධානය මීට සුළු මොහතකට පමණ පෙර නිවේදනය කලේය.

නමුත් බලහත්කාරයෙන් අගනුවර අල්ලා නොගන්නා ලෙස තම හමුදාවන්ට උපදෙස් දුන් බවද තලේබාන් සංවිධානය නිකුත් කල එම නිවේදනයේ සදහන් වන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කලේය.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ නගර එකින් එක තලේබාන්වරුන් අතට පත්වෙමින් තිබේ.

මේ වන විට ඇෆ්ගනිස්ථානයේ පළාත් 34 න් 6ක අගනගර අත්පත් කර ගැනීමට තලේබාන් සංවිධානය සමත් වී සිටින අතර ක්‍රමයෙන් ඔවුන් තව තවත් නගර අත්පත් කර ගනිමින් සිටින අත‍රතුර කාබුල් අගනුවරට ඇතුළු වි තිබේ.

සැප්තැම්බර් මස පළමුවැනිදා වන විට තම හමුදා ඇෆ්ගනිස්ථානයෙන් සම්පූර්ණයෙන් ඉවත් කර ගන්නා බවට ඇමරිකාව පැවසීමත්, එළෙසින්ම හමුදා ක්‍රමයෙන් ඉවත් කර ගැනීම ඇරඹීමත් සමඟ මෙලෙස තලේබාන් ආක්‍රමණය ආරම්භ විය.

මේ අතර තලේබාන් සටන්කාමීහු කාබුල් අගනුවරට ඇතුල් වන විට එහි සිටි ශ්‍රි ලාංකිකයන් 50 දෙනෙකු වහාම ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles