Friday, September 20, 2024

සති දෙකකදී මරණ 1400ක්!

මෙරට කොවිඩ් ආසාදිතව සිදුවූ මරණ 6,000 සීමාව අද පසුකරනු ලැබුවා. ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ 161ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් තහවුරු කර සිටිමත් සමගයි. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 6,096ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ගතවූ දින 14ක කාලය තුලදී මෙරටින් වාර්තා වී ඇති මුළු මරණ සංඛ්‍යාව 1,588ක්.

ඊයේ දිනයේ දී වාර්තා වූ මරණ අතර අවුරුදු 30ට අඩු එක් පුද්ගල මරණයක්, අවුරුදු 30 – 59 අතර පුද්ගල මරණ 38ක් සහ අවුරුදු 60ට වැඩි පුද්ගල මරණ 122ක් ඇතුලත්.

මියගොස් ඇති පිරිස අතර පිරිමි පුද්ගලයින් 83ක් සහ කාන්තාවන් 78ක් වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා නිකුත් කළ වාර්තා වේ දැක්වෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles