ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් අද(17) පවත්වා තිබේ.
කොළඹ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම හමුව විනාඩි 40කට පමණ සීමා විය.
ශ්රී ලංකාවේ උග්ර තත්ත්වයට පත්ව තිබෙන කොවිඩ් වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන මෙහිදී සාකච්ඡා කර ඇති අතර කොවිඩ් වසංගතය පිටුදැකීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ යෝජනා මාලාව ක්රියාත්මක කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද රනිල් වික්රමසිංහ මහතා මෙහිදී ජනාධිපතිවරයාට පවසා තිබේ.
රනිල් වික්රමසිංහ මහතා කොවිඩ් වසංගතය හමුවේ ගත යුතු ක්රියාමාර්ග පිළිබඳව ඊයේ(16) ජනාධිපතිවරයා සමග පැවැත්වූ දුරකථන සංවාදයේ ප්රතිඵලයක් ලෙස මෙම සාකච්ඡාව සිදු කෙරිණි.