රට පුරා පෝලිම්.. ජනතාව මහමඟ පිරේ.. කොවිඩ් දෙපිටින් යයි..!

0
328

අද රාත්‍රියේ සිට රට දින 10ක කාලයක්? සඳහා වසා තබන නිවේදනය නිකුත් වූ වහාම සියලුම වෙළෙඳසල් සහ බැංකු අසල ජනතාවගෙන් පිරී ගියා.

ATM යන්ත්‍ර අසල, උගස් කඩවල, සිල්ලර සහ එළවලු විකුණන කඩ මෙන්ම සතොස ප්‍රමුඛ සියලුම සුපිරි වෙළෙඳසල් අවට දිගු පෝලිම් දක්නට ලැබුණා.. එමෙන්ම රටපුරා ඉන්ධන පිරවුම්හල් රැසක ඉන්ධන නොතිබූ අතර ඇතැම් ස්ථාන වල කිලෝමීටර් ගණනින් පෝලිම් දක්නට ලැබිණි.

කොවිඩ් නියාමනයන් තඹයකට මායිම් නොකර ජනතාව කටයුතු කරන්නට යෙදුණෙ රජයේ කිසිදු සැලැස්මක් නැති ක්‍රමවේදයන්ගේ භයානකකම කලින් හඳුනාගෙන තිබු නිසා විය හැකිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here