Saturday, November 23, 2024

ඩෙල්ටා ගැන තවත් අනාවරණයක්

ඩෙල්ටා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය විසින් තවත් අනාවරණයක් සිදුකර තිබෙනවා.

එහි අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර සඳහන් කලේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමට දින 05ත් 06ත් අතර කාලයක් ගතවන බවයි.

ඒ මහතා පවසන්නේ වෛරසය ආසාදනය වීමත් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් අතර පරතරය දින 02 ක් පමණ වන බවයි.

කෙසේ වෙතත් ඩෙල්ටා වෛරසයට පෙර එම පරතරය පැවතියේ දිනයකටත් අඩු කාලයක් ලෙසයි.

මේ අනුව ඩෙල්ටා ප්‍රභේදය ආසාධිතයෙකුගෙන් තවත් අයෙකුට එය වැළඳීමේදී පූර්ව රෝග ලක්ෂණ සමයේදී එය වැලඳීමේ ප්‍රතිශතය සියයට 74 ක් වැනි ඉහළ අගයක පවතිනවා.

එම වෛරස ප්‍රභේදය ඉතා සීඝ්‍රයෙන් පැතිර යාමට හේතුවද එය බවයි ආචාර්ය චන්දිම ජීවන්දර පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් එන්නත්කරණයට ලක්වූවන්ට ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීම එන්නත් ලබා නොගත් පුද්ගලයන්ට වඩා සියයට 65 කින් පමණ අඩු බවද අනාවරණ වී තිබෙනවා.

එනම් ඩෙල්ටා ප්‍රභේදය ආසාධනයවීමෙන් වැළකී සිටීමට එන්නත්කරණය ඉතා වැදගත් බවයි ආචාර්ය චන්දිම ජිවන්දර වැඩිදුරටත් සඳහන් කලේ.

Dinamina

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles