ඉදිරියේදී රට දීර්ඝ කාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු දෙනාම වඩාත් කැපකිරීම් කරන්න සුදානම් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටිනවා.
මේ තීරණාත්මක මොහොතේ රටේ සියලු දෙනාම බැරෑරුම් තත්ත්වය තේරුම් ගෙන සැලසුම් සහගතව රට ඉදිරියට ගෙන ආ යුතුයි.
එම නිසා කණ්ඩායමක් ලෙස කොවිඩ් වසංගතය පරාජය කිරීමට එක්ව වැඩ කරන ලෙස සියලු දෙනා ගෙන් ඉල්ලා සිටින බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.
සෞඛ්‍ය අංශ පවතින තත්ත්වය සම්බන්ධයෙන් එක් කෝණයකින් බැලුවත් රජයක් ලෙස අප විදෙස් ණය ගෙවීම, වැටුප් ලබාදීම ඇතුළු විවිධ අංශ කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව ඇති බවද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කර සිටියා.
රට නැවත වරක් සම්පුර්ණයෙන් වසා දැමීමෙන් රට ආර්ථිකයට දැඩි හානියක් සිදුවන බවත් පවතින කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් රට අද රාත්‍රී 10 සිට ලබන 30 වෙනිදා අලුයම 4.00 දක්වා තීරණය කළ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.