රට වැහුවට මාසික වැටුප් ගන්න අයට පාඩුවක් නෑ

0
257

මාසික වැටුප් ලබන පුද්ගලයන්ට රට වසා දැමීමෙන් එතරම් ගැටලුවක් උද්ගත නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කලේ රට වසා දැමීමෙන් කොවිඩ් මුලුමනින්ම පාලනය කල නොහැකි බවයි.

රට වසා දමන්නැයි ඉල්ලා ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ කිහිපයක නායකයන් ලිපියක් නිකුත් කිරීම කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩ කිරීමක් බවටද සාගර කාරියවසම් මහතා චෝදනා කලා.

මේ සම්බන්ධයෙන් වහා සොයා බලන ලෙසටයි ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here