Thursday, November 14, 2024

විදේශ සංචිත වැඩි කරගන්න ආණ්ඩුව සැරසෙයි!

මහ බැංකුව සතු නිල විදේශ සංචිත මට්ටම වැඩිකර ගැනීම සඳහා කඩිනමින් පියවර ගැනීමට රජය සහ මහ බැංකුව අවධානය යොමුකර ඇත. මේ අනුව මූලාශ‍්‍ර කිහිපයකින් එම මුදල් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව මහ බැංකුව පවසයි.

මේ අතර ඉදිරි කාලයේදී ආර්ථිකයේ විදේශ අංශය ශක්තිමත් කිරීමට උපකාරී වන ලෙස දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරමින් ණය නොවන විදේශ මුදල් ගලා ඒම් ඉහළ නංවා ගැනීමට රජය අවධානය යොමු කරමින් සිටින බවද මහ බැංකුව සඳහන් කරයි.

ආර්ථිකයේ විදේශ අංශය අඛණ්ඩව අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින අතර ඒ සඳහා විවිධ උපායමාර්ග සහ අන්‍යොන්‍ය වශයෙන් ගැළපෙන ක‍්‍රියාමාර්ග අවශ්‍ය බව ද මහ බැංකුව නිකුත් කළ නවතම මූල්‍ය ප‍්‍රතිපත්ති විවරණ වාර්තාවේ සඳහන් වේ.

ඉකුත් ජූලි මස අගවනවිට රටේ නිල සංචිත ප‍්‍රමාණය ඇ.ඩො. බිලියන 2.8ක් දක්වා අඩුවී ඇති අතර එය ප‍්‍රමාණවත් වන්නේ මාස 1.8ක ආනයන ආවරණය කර ගැනීමට පමණක් වේ.

Divaina.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles