Wednesday, September 25, 2024

16 හැවිරිදි දැරියගේ මරණය : රිශාඩ් 05 වන සැකකරු කෙරේ

මෙහෙකාර සේවයේ යොදවා සිටි 16 හැවිරිදි හිෂාලිනී ජූඩ් දැරියගේ මරණය සම්බන්ධ නඩුවේ 05 වන සැකකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රිශාඩ් බදියුදීන් නම් කර තිබෙනවා.

ඒ අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය හමුවේ කැඳවු අවස්ථාවේදීයි.

සැකකාර මන්ත්‍රීවරයා මීලග නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද අතිරේක මහේස්ත්‍රාත්වරිය නියම කරනු ලැබුවා.

මේ අතර මෙම සිද්ධියට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින රිශාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ බිරිඳ ඇතුලු සැකකරුවන් 04 දෙනා ලබන 06 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද අධිකරණය නියම කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles