Wednesday, September 25, 2024

සමිබන්ධන්ගෙන් ජනපතිට ලිපියක්

දෙමළ ජාතික සන්ධානයේ (TNA) නායක ආර් සම්බන්ධන් මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.

මෙම ලිපිය මගින් ජනාධිපතිවරයා හමුවීමට දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටීමට සම්බන්ධන් මහතා පියවර ගෙන ඇත.

ඉකුත් ජුනි 13 ‌ජනාධිපතිවරයා විසින් හමුවක් සදහා දෙමළ ජාතික සන්ධානයට වේලාව ලබා දී තිබුණද අවසන් මොහොතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එම හමුව අවලංගු කොට තිබිණ.

ජනවාර්ගික ගැටුමට ස්ථිරසාර විසඳුමක් සෙවීම සඳහා යෝජිත නව ව්‍යවස්ථාව පිළිබඳව රජය සමඟ සාකච්ඡා ආරම්භ කිරීම මෙම හමුවේ අරමුණ බව සිය ලිපිය මගින් සම්බන්ධන් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවද වාර්තා වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles