Tuesday, September 24, 2024

ඖෂධ හිඟය නිසා කොවිඩ් රෝගීන් අවධානමක

නිර්වින්දනය කළ යුතු සහ දැඩිසත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන රෝගීන් සදහා ලබාදෙන අත්‍යාවශ්‍ය ඖෂධ කිහිපයක බරපතල හිගයක් පවතින බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමයේ ඌව පළාත් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පවසනවා.

බදුල්ල පළාත් මහ රෝහලේ මෙම ඖෂධ හිගයක් පවතින බවට කළ සොයාබැලීමකදී දිවයිනේ සෙසු රෝහල්වල සහ මධ්‍යම බෙහෙත් ගබඩාවේද එම ඖෂධ වර්ග හිග බව අනාවරණ වූ බවයි මාධ්‍යයට අදහස් දක්වමින් පාලිත රාජපක්ෂ මහතා අනාවරණ කළේ.

කොවිඩ් ආසාදිතව බරපතල තත්වයේ පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදීද අදාල ඖෂධ වර්ග අත්‍යවශ්‍ය බැවින් ඒවා හිගවීම හරහා කොවිඩ් ආසාදිතයින් බරපතල අවදානමකට ලක්වන බවද වෛද්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles