Tuesday, September 24, 2024

අනුරගේ පාර්ලිමේන්තු කතාව ගැන අධිකරණ ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරුවරුන් සදහා පැවති සම්මන්ත්‍රණයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කරුණු දැක්වීමක් සහිතව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්ණයට අදාළව අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් කරුණු පැහැදිලි කර තිබෙනවා.

මහේස්ත්‍රාත්වරුන් සදහා පසුගිය 13 වනදා පැවති අදාල සම්මන්ත්‍රණය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පැවැත්වූවක් නොවන අතර එය ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය විසින් එහි බලතල හා කාර්යයන් අනුව පැවැත්වූවක් බවයි ලේකම්වරයා නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

විවිධ අවස්ථාවලදී කාලීනව වැදගත්වන කරුණු සම්බන්ධයෙන් විනිසුරුවරුන් සදහා මෙවැනි සම්මන්ත්‍රණ පැවැත්වෙන බවත් ඒ සදහා විනිසුරුවරුන් වෙත ආරාධනා කර ඇත්තේ වසර ගණනාවක සිට සැකසූ ආකෘති පත්‍රයකට අනුව බවත් එම නිවේදනයේ සදහන්.

විනිසුරුවරුන් සදහා පැවති සම්මන්ත්‍රණයක් පිළිබද කරුණු හෙළිකරමින් අනුර කුමාර දිසානායක මහතා ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේදී අධිකරණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්ණයක් යොමුකළේ පසුගිය 17 වනදායි.

විධායකයේ අවශ්‍යතාව අනුව පොලිසිය විසින් කළ ඉල්ලීම්වලදී මහේස්ත්‍රාත්වරුන් ලබා දුන් තීන්දු පිළිබදවත් ඉදිරියේදී ලබා දිය යුතු තීරණ පිළිබදවත් මෙම සම්මන්ත්‍රණයේදී විනිසුරුන් වෙත බලපෑම් එල්ලවී ඇති බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කළා.

එමෙන්ම මෙම සම්මන්ත්‍රණයට අදාලව විනිසුරුවරුන් වෙත එල්ලවූ තවත් බලපෑම් කිහිපයක්ද මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළා.

කෙසේ වෙතත් අදාල සම්මන්ත්‍රණය හා සම්බන්ධ ක්‍රියාවළියට රජය කිසිදු ආකාරයකින් මැදිහත්වීමක් කර නොමැති බවයි අනුර කුමාර දිසානායක මහතාගේ මෙම චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් අධිකරණ අමාත්‍යංශයේ ලේකම්වරයා මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ.

එසේම විනිසුරුවරුන්ට බලපෑමක් කිරීමට කිසිදු ආකාරයක මැදිහත්වීමක් සිදුකර නොමැති බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන්

News Radio

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles