Monday, September 23, 2024

සතිපතා ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් ආනයනයට කැබිනට් අනුමැතිය

කොවිඩ් – 19′ රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය සායනික ඔක්සිජන් ලීටර් ලක්ෂ තුන (300,000) බැගින් සතිපතා ආනයනයට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රමේෂ් පතිරණ මහතා ඒ බව සඳහන් කළේය. 

රට තුල දැනට පැතිරී යන වෛරස ප්‍රභේදය හේතුවෙන් ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බැවින්, මාසිකව ආනයනය කරනු ලබන ලීටර් 120,000 වෙනුවට සතිපතා ලීටර් 300,000 බැගින් ආනයනය කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට ඒ අනූව කැබිනට් අනුමැතිය හිමිවිය.

Ru News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles