ශ්‍රී ලංකාවට ඉදිරියේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 816 ක මුදලක් හිමිවීමට නියමිතව තිබෙනවා. මෙම මුදල හුවමාරු ණයක් ලෙස ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ. සාමාජික රටවල් මුහුණ දී සිටින විදේශ සංචිත අර්බුද විසඳා ගැනීම සඳහා ඩොලර් හුවමාරු වැඩසටහනකට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව සාමාජික රටවල් වෙත ඇමරිකානු ඩොලර් බිලියන 650 ක් වෙන්කර තිබෙනවා.
පසුගිය මාසය වනවිට ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 3.8 දක්වා පහළ ගොස් තිබුණා.