Tuesday, September 24, 2024

යලිත් ලොක්ඩවුන්..?

රටේ ඇති වී තිබෙන කොරෝනා අවදානම නිවැරදිව තේරුම් ගෙන කටයුතු නොකළ හොත් නැවත නැවතත් රට වසා දැමීමට සිදු වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එවිට රටේ ආර්ථිකය මීටත් වඩා අසීරු තැනකට යන තත්ත්වයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඔවුන් කියා සිටියි.

සංගමයේ වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවේ පැතිරෙන වෛරස ප්‍රභේද ය ඉතා වේගයෙන් තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුටම ආසාදනය දීමේ හැකියාවක් සහිත බවයි.

ඒ සමගම මරණ අනුපාතය ද ඉහළ යාමක් දැක ගැනීමට හැකි බව ද පැවසූ ඔහු අනාගතයේ දී මීටත් වඩා දරුණු වෛරස් ප්‍රභේද ඇතිවිය හැකි බවටත් අනතුරු ඇගවීය.

වසංගතය පාලනයේ ප්‍රධාන වගකීම වසංගත රෝග විද්‍යා ඒකකයට පැවරෙන බව ද පැවසූ ඔහු ඒ සදහා එම ඒකකයේ කමිටු හයක් පත්කර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ගේ අධීක්ෂණය යටතට පත් කරන්නැයි ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles