Tuesday, September 24, 2024

මරණය අසිරිමත් ! ශේක්ස්පියර් උපුටාදක්වමින් හිටපු අගමැති – මිතුරු මංගලට සමු දෙයි..!

මංගල සමරවීරයන්ගේ මරණය සම්බන්ධයෙන්, හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ශෝක පණිවිඩයක් තබා තිබේ.
හිටපු අග‍්‍රාමාත්‍යවරයා, ඔහුගේ හිතමිතුරු මංගලට නිවන් සුව පතා නැත.
ඒ වෙනුවට, ශේක්ස්පියර්ගේ නාට්‍යයක එක ගීතයකින් කොටසක් ඔහු මංගල වෙනුවෙන් උපුටාගෙන තිබේ.
එහි ඇත්තේ මරණයේ අසිරියයි….!

හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ගේ අභාවය සම්බන්ධයෙන්
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ ශෝක පණිවුඩය

මංගල සමරවීරයන් ගේ අකල් වියෝව ජාතියක් වශයෙන් මෙන්ම එක්සත් ජාතික පක්ෂයට ද පෞද්ගලිකව මට ද ඉමහත් පාඩුවකි. ඉකුත් දින දහවලේ දී ඔහුට දුරකථනයෙන් ඇමතූ අවස්ථාවේ දී මා පැවසුවේ ඔහු සුවය ලබා පැමිණීම මා අපේක්ෂාවෙන් සිටින බවයි. එහෙත් එය එසේ නොවී ය. කොරෝනා වෛරසය අද උදෑසන වන විට ඔහු ගේ ජීවිතය ද බිලි ගෙන තිබුණි.

මංගල වනාහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වාසනීය ස්ථාවර අදහසක් දැරූ, සියළු දෙනාගේ ම නිදහස හා සමානාත්මතාවය මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන් ද පෙනී සිටි, කැපී පෙණුනු දේශපාලන චරිතයකි. එමෙන්ම රාමුවකට කොටු නොවී නවමු චින්තනයකින් කටයුතු කළ පුද්ගලයෙකි. මංගල අපේ සියලු ජාතීන් අතර සංහිඳියාව වෙනුවෙන් පෙනී සිටි විශිෂ්ට ගණයේ සන්නිවේදකයෙකි. 2015 සිට 2019 දක්වා පැවැති කැබිනට් මණ්ඩලය තුල විදේශ කටයුතු සහ මුදල් යන විෂයයන් ඉතා දක්ෂ ලෙස කළමනාකරණය කළ අමාත්‍යවරයෙකි.

“Fear no more the frown o’ the great;
Thou art past the tyrant’s stroke;
Care no more to clothe and eat; 
To thee the reed is as the oak;
The sceptre, learning, physic, must
All follow this, and come to dust.” – William Shakespeare

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂ නායක

Headline News

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles