Monday, September 23, 2024

අඟල් හයේ මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගත්තොත් රට ආරක්ෂා කර ගන්න පුළුවන් – යුද හමුදාපති

අඟල් හයේ මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගත්තොත් රට ආරක්ෂා කර ගන්න පුළුවන් – යුද හමුදාපති

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන කාලයේදී ජනතාවගේ හැසිරීම සතුටුදායක බවත් ඒ ගැන ජනතාවට ස්තූති ස්තූතිවන්ත වන බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මේ අතර ජනතාව අඟල් හයේ මුව ආවරණයෙන් කට නහය ආරක්ෂා කරගත හොත් දිවයිනේ වර්ග කිලෝමීටර් හැට පන් දහස ආරක්ෂා කර ගැනීම දුෂ්කර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

වයස 30ට වැඩි ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව ඊයේ (24) වනවිට ලබා දී ඇති බව පැවසූ යුද හමුදාපතිවරයා එය වැදගත් සන්ධිස්ථානයක් බවද වැඩිදුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles