Monday, September 23, 2024

SLC ආරාධිත විස්සයි විස්ස කිරුළ දසුන් ශානකගේ ග්‍රේස් පිලට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම සමත්වුනා.

ඒ ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති අවසන් මහි තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ රෙඩ්ස් පිළ ලකුණු 42 කින් පරාජයට පත් කරමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4 ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 201 ක්. මිනෝද් භානුක ලකුණු 74 යි.

දසුන් ශානක නොදැවී ලකුණු 48 ක් රැස්කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 4 කදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුනේ ලකුණු 159 ක් පමණයි.

ඕෂධ ප්‍රනාන්දු ලකුණු 46 යි.

ඒ අනුව අවසන් මහා තරග⁣යේ කිරුළ දිනාගත්⁣තේ ග්‍රේස් කණ්ඩායමයි.

ඔවුන්ට ශූරතා කුසලානය සමඟ මුදලින් රුපියල් ලක්ෂ 20 ක මුදලක් පිරිනැමුනු අතර අනුශූරතාව සඳහා ලක්ෂ 15 ක මුදලක් රෙඩ්ස් පිළට හිමිවුනා.

තරගාවලියේ වීරයා සම්මානය දිනා ගත් ග්‍රේස් නායක දසුන් ශානකට රුපියල් ලක්ෂ 2 ක මුදලක් හිමිවු අතර අවසන් මහා තරගයේ වීරයා වු මිනෝද් භානුකට රුපියල් පනස්දහසක මුදලක් හිමිවුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles