Saturday, September 21, 2024

දින තුනක මෙහෙයුම් වලින් කහ කිලෝ 1377 ක් සොයා ගනී

දින තුනක් තුළ සිදුකළ මෙහෙයුම්වල දී මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කහ කිලෝ 1377 ක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

මලු 15 ක අසුරා ඩිංගි යාත්‍රා දෙකකින් මෙරටට රැගෙන ආ කහ කිලෝ 500 ක් කල්පිටිය කලපුවේ දී නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ සහ පෙරේදා දිනවල ද මන්නාරම – ආරිප්පු මුහුදු තීරයේ සිදුකළ මෙහෙයුම්වල දී කහ කිලෝ 877 ක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිංගි යාත්‍රාවක් ද සමඟයි.

නීති විරෝධී අයුරින් මෙරටට රැගෙන ආ මෙම කහ තොගය වෙරළ තීරයේ දමා යන්න්ට ඇති බව සඳහන් කළේය..

Ceylon News Hub

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles