Saturday, September 21, 2024

දුක්බර පුවතක් සමගින් සතුටුදායක පුවතක්

කොරෝනා වයිරසය ආසාදිතව ගම්පොළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පස් මස් ගැබිණියකගේ කුසේ සිටි මාස පහක් වයසැති කලලයට කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මියගොස් තිබෙනවා.

ගම්පොළ නගරයේ පදිංචි මෙම කාන්තාව කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ගම්පෙළ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙම දරුවා මවගේ කුස තුළම මියගොස් ඇති බව සඳහන්.

මියගිය දරුවාගේ ආදාහනය අද (25දා) ගම්පොල නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරිණි.

මේ අතර, හෘදයාබාදයකට ලක්වී අසාධ්‍ය තත්වයෙන් කොළඹ ජාතික රෝහලලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කෙරුණු කොවිඩ් රෝගියකු ස්ටෙන්ත් සැත්කමකින් ඔහුගේ දිවි බේරා ගන්නට හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සමත් වුණා.

මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පැවසුවේ එම හෘදයාබාදය කොවිඩ් රෝග තත්ත්වය නිසා ඇති වූවක් බවයි.

වයස අවුරුදු හතලිස් එකක් පමණ වියැති මෙම රෝගියා දෙදරු පියෙක් වන අතර, පැය දෙකකට ආසන්න කාලයක් මෙම සැත්කම සිදු කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles