Saturday, September 21, 2024

මෙරට ඔක්සිජන් ඉල්ලුම හය ගුණයකින් ඉහළට

මෙරට කොරෝනා ආසාදිත ව රෝහල්ගතව සිටින රෝගීන්ට අවශ්‍ය වන ඔක්සිජන් ප්‍රමාණය ඊයේ දින වන විට 06 ගුණයකින් ඉහළ ගොස් තිබේ.

කොරෝනා වසංගත ආරම්භ කාලයේ දී මෙරට ඔක්සිජන් අවශ්‍යතාවය වූයේ ටොන් 22කි.
නමුත් දෛනිකව මේ දක්වා භාවිතා කළ වැඩිම ඔක්සිජන් ප්‍රමාණය පෙරේදා දිනයේ වාර්තා කර තිබුණේ ටොන් 120ක් භාවිතා කරමිනි.

දැනට ශ්‍රි ලංකාව තුල ඔක්සිජන් නිපදවන සමාගම් වල දෛනික නිෂ්පාදනය ටොන් 78කි.
මෙම තත්ත්වය මත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ආනයනයට රජය කටයුතු කර ඇත.

ඩෙල්ටා ප්‍රභේදය පැතිර යාමත් සමඟ අසාධ්‍ය තත්ත්වයට පත්වන ආසාදිතයන් හේතුවෙන් ඔක්සිජන් අවශ්‍යතාවය විශාල වශයෙන් ඉහළ ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles