Saturday, September 21, 2024

යුද්ධය පාලනය කල ලෙස කොරෝනාව පාලනය බැහැ

යුද්ධය පාලනය කල ලෙස කොරෝනා වසංගතය සහ සහල් මිළ පාලනය කළ නොහැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසනවා.

සිය නිළ ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් නොමැතිව මාධ්‍ය ඉදිරියේ සංදර්ශන පෙන්වන බවයි.

පැවති යහපාලන රජය සමයේදී අඩු මිළට ජනතාවට සහල් ලබාදිමේ අරමුණින් ක්‍රියාත්මක වූ ශක්ති සහල් ව්‍යාපාරය වත්මන් ආණ්ඩුව විසින් මුළුමනින්ම විනාශකර ඇතැයිද හර්ෂද සිල්වා මහතා චෝදනා කරනවා.

වෙළදපල පාළනයට අසමත් ආණ්ඩුවක් රටක් පාළනය කරන්නේ කෙසේදැයි හර්ෂද සිල්වා මහතා සිය සටහන මගින් ප්‍රශ්ණ කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles