Saturday, September 21, 2024

කොවිඩ්- 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය සටහන් කළ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා නිවේදනය කර සිටියි.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් නීතිය මගින් නියම කරනු ලැබූ ඇතැම් ක්‍රියාවන් නියමිත කාල සීමාවක් තුළ ඉටු කිරීමට පුද්ගලයන්ට නොහැකි වූ අවස්ථාවන් සම්බන්ධයෙන්  මෙන්ම කොවිඩ් තත්ත්වය නිසා යම් අධිකරණයකට එහි කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වන අවස්ථාවකදී විකල්ප අධිකරණ නියම කිරීම සදහා ද විධිවිධාන සැලසීම මෙහි අරමුණයි.

තවද කොවිඩ් තත්ත්වයන් පාලනය කිරීමට පහසුකම් සැලැස්වීම සදහා දුරස්ථ සන්නිවේදන තාක්ෂණය භාවිතයෙන් අධිකරණ කටයුතු සිදුකරගෙන යාම ද කොවිඩ් තත්ත්වය නිසා ගිවිසුම්ගත වගකීම් ඉටුකිරීමට නොහැකි වූ ඇතැම් ගිවිසුම්වල පාර්ශවයන්ට සහන සැලසීම ඇතුළු ඒ හා සම්බන්ධ හෝ ඊට අනුෂංගික කරුණු  සදහා තාවකාලික විධිවිධාන සැලසීම ද මෙම පනත මගින් සිදුවනු ඇත.

මේ අනුව 2021 අංක 17 දරන 2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ්- 19) (තාවකාලික විධිවිධාන) පනත පසුගිය 23 වන දින සිට බලාත්මක වනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles