Sunday, September 22, 2024

දුම්වැටිය කොවිඩ් මරණවලට ප්‍රධාන හේතුවක් !

සිගරට්, සුරුට්ටු හෝ වෙනත් දුම්වැටි පාවිච්චි කරන අය කොවිඩ් මරණවලට ගොදුරුවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.

එවැනි කොවිඩ් මරණ කීපයක්ම පසුගිය දිනවල වාර්තාවූ බවද හෙතෙම සඳහන් කළේය.

දුම් පානය හේතුවෙන් පෙනහලුවල ක්‍රියාකාරීත්වය දුර්වලවන බවත් කොවිඩ් වැළඳීමෙන් එවැනි අයට කොවිඩ් නිව්මෝනියා තත්වය ඉතාම ඉක්මනින් ළඟා විය හැකි බවත් විශේෂඥ වෛද්‍යවරයා පැවසුවේය.

දුම් බොන්නන් ළඟ සිටීම නිසා බොහෝ දෙනා නිතැත් දුම් පානයට (passive smorking) ගොදුරුවන බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඒ ආකාරයට දුම් ශරීරගතවීමද අවදානම් සහගත බව සඳහන් කළේය.

දුම් පානය කරන අය ළඟ සිටින දරුවන්ටද මේ ආකාරයට සිගරට් විෂ දුම ශරීරගත විය හැකි බවත් එවැනි නිතැත් දුම්පානයට ගොදුරුවන දරුවන්ට කොවිඩ් වැළඳුනහොත් ඔවුනට බරපතළ සංකූලතා මතුවී මරණය පවා සිදුවිය හැකි බවත් ඔහු පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles