Monday, September 23, 2024

“කොළඹ සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරනවා’’ – ජොන්ස්ටන්

කොළඹ සමුද්‍රීය මාර්ගයේ (Marine Drive) දෙහිවල සිට පානදුර දක්වා කිලෝමීටර 17 ක කොටසේ ඉදිකිරිම් කඩිනමින් ආරම්භ කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ සඳහා රුපියල් කෝටි 3,800 ක් වැය කරන බවයි ඔහු පැවසුවේ.

එහි මූලික ශක්‍යතා අධ්‍යනය මොරටුව විශ්වවිද්‍යාලය මේ වන විට අවසන් කර ඇති බවත්, මෙම මාර්ග කොටස ඉදිකිරීම වෙනුවෙන් ඉඩම් සහ දේපල අහිමිවූවන් වෙත වන්දි මුදල් ගෙවීම සඳහා රුපියල් කෝටි 2,100 ක මුදලක් වෙන්කර ඇති බව ද සඳහන් කළා.

කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදය අවම කිරිම සදහා වඩාත් සුදුසු විකල්පය ලෙස හදුනාගත් සමුද්‍රීය මාර්ගයේ ඉදිකිරිම් මේ වන විට අදියරයන් 6 ක් යටතේ ඉදිකිරීම් අවසන් කර ඇති බව මහාමාර්ග අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles